ආරක්ෂක ඇමති වයඹ පළාතේ පොලිස් නිලධාරින් අමතයි

අද (15) උදෑසන කුරුණැගලදී මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් වයඹ පළාතේ කුරුණෑගල, පුත්තලම, හලාවත, නිකවැරටිය, කුලියාපිටිය යන පොලිස් කොට්ඨාස වලට අයත් පොලිස් ස්ථාන 48 හි ස්ථානාධිපතිවරුන් දිස්ත්‍රික් භාර රාජ්‍ය නිවේදිත නිලධාරින් කොටිඨාස භාර නිලධාරින් දිසා භාර නිලධාරින් පොලිස්පතිවරුන් සහ වයඹ පළාත භාර ජේ‍ෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිතුමා අමතන ලදි.

 

එහිදි පොලිස් නිලධාරින් ගේ සුබ සාධනය වැඩ් දියුණු කිරිම, පොලිස් සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සදහා නව බදවා ගැනීම් කඩ්නම් කිරිම, නිලධාරින්ට උසස්වීම් ලබා දීමේ වැඩපිලිවෙළ විධිමත් කිරිම, පොලිස් ස්ථාන වෙත දැඩ් අවශ්‍යතාවයක් ලෙස පවතින ප්‍රවාහන පහසුකම් හා යටිතල පහසුකම් වැඩ් දියුණු කිරිම, මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවන් ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම හා ඔවුනට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය යටතේ දඩුවම් ලබා දීම කඩ්නම් කිරිම, ජාතික ආරක්ෂාව තහවුරු කිරිම සහ මෙරට පොලිසියේ අභිවෘද්ධිය සදහා වූ ඉදිරි සැලසුම් මෙන්ම නිලධාරින්ගේ ගැටළු හා විසදුම් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාවට බදුන් කර තිබේ.

Exit mobile version