උසස් පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී

රටපුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හමුවේ පැවති විවිධ අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වුවද උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමේ හැකියාව ලැබුණු බවත් විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය.

 

ඒ මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුවයි.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ ඒ අනුව සැප්තැම්බර් මාසය වනවිට විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් විශ්වවිද්‍යාල සදහා ඇතුළත් කරගැනීමට ද පියවරගන්නා බවයි.

Exit mobile version