Home දේශීය පුවත් සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා

0
සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති අතර වැඩිදුරටත් සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙහි ප්‍රතිඵල ලැබෙන තෙක් අමාත්‍යවරිය නිවසේ නිරෝධායනය වීමට තීරණයකර ඇති බව නිවේදනය කෙරුණා.

කෙසේ වෙතත් මේ වනවිට ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත යන පිරිස මින් පෙර වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරට අයත්.

මේ අතර වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුවය ලබා පසුගියදා සිය නිවස වෙත පැමිණියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version