බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ලෙස තෝරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වන පළමු පියවර අද රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදී ආරම්භ විය.

 

එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ දිනකට පාසල් දෙක තුනක් තෝරා සිසුන් 30ක් පමණ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකට භාජනය කිරීමෙන් පාසල් පද්ධතිය තුළ කොරෝනා වෛරසය කොපමණ පැතිර යනවාදැයි සොයා බැලීමට හැකි බවයි

Exit mobile version