බස්නාහිර පළාතේ ජනතාවට අද සිට කොවිඩ් එන්නත 

අද සිට බස්නාහිර පළාතේ අධි අවදානම් ප්‍රදේශවල පුද්ගලයින්ට Oxford – AstraZeneca එන්නත  ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

 

ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මහජනතාව සමඟ වැඩිපුර ගැටෙන පිරිස් හා කොවිඩ් 19 වැළඳීමේ වැඩි අවධානමක් පවතින පිරිස්වලට එන්නත ලබාදීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එහි මුලික පියවර ලෙස අද බස්නාහිර පළාතෙන් මෙම වැඩපිලිවෙල ආරම්භ කරන බව ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Exit mobile version