සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06) ආරම්භ වීමට නියමිතයි.

විභාගය හෙට( 6) සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මෙවර අයදුම්කරුවන් 452,979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.

Exit mobile version