යතුරුපැදියක් දුම්රියක ගැටී තරුණයින් තිදෙනෙකු මරුට

පින්තාලිය හන්දිය අසල දුම්රිය හරස් මාර්ගයේ දී කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක යතුරු පැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ යතුරු පැදියේ පැදිකරු හා පසු පැදිකරුවන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර යතුරු පැදියේ පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පසු පැදිකරුවන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුවන් වයස අවරුදු 17,18 හා 19 වයස්වල පසුවන කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Exit mobile version