කූට ලෙස මුදල් කොල්ලකෑමේ නිරත වූ 6ක් කොටුවෙයි

නිධානයකින් ලබාගත් රත්‍රං බව පවසා ඒවා මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමේ නිරත වූ පුද්ගලයින් 6ක් කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

අදාල තැනැත්තා රත්‍රං කිලෝග්‍රෑම් එකක් රුපියල් ලක්ෂ 90 කට අලෙවි කරන බවට ඔවුන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති අතර සැකකරුවන් අතර කාන්තාවක් ද වෙයි.

47 හැවිරිදි ඇය රාගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක් වන අතර අදාල සැකකරුවන් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version