බස්නාහිර පළාතේ ජනතාවට සහන මිලට එළවළු

පාරිභෝගික ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමේ වැඩසටහනේ පළමු පියවර වශයෙන් බස්නාහිර පළාතේ ලංකා සතොස ආයතන 75 කදී සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහන ආරම්භ වී තිබෙන බව වාර්තා වෙයි.

 

මෙය බස්නාහිර පළාතේ ලංකා සතොස ආයතන හරහා ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 26 කදී, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 41කදී සහ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 8කදී පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු අලෙවි කෙරේ.

Exit mobile version