Home දේශීය පුවත් දිවයිනේ සියලුම සමෘද්ධි බැංකු පරිගණක ගත කෙරේ

දිවයිනේ සියලුම සමෘද්ධි බැංකු පරිගණක ගත කෙරේ

0
දිවයිනේ සියලුම සමෘද්ධි බැංකු පරිගණක ගත කෙරේ

දිවයිනේ සියලුම සමෘද්ධි බැංකු පරිගණක ගත කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එය ක්‍රියාත්මකයි. මේ වනවිට දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1074කින් 183ක් පරිගණක ගත කර අවසන් කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු 86ක් පරිගණක ගත කිරීම මේ දිනවල ක්‍රියාත්මකයි.ඉන් 20ක් පරිගණක ගත කිරීම අවසන් කර තිබේ. මෙලෙස පරිගණක ගත කෙරුණු ගම්පහ දිස්ත්‍රික්කයේ පලමු සමෘද්ධි බැංකුව ඊයේ (08) විවෘත කෙරිණ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතින් මෙලෙස විවෘත කෙරුණේ මිනුවන්ගොඩ යාගොඩමුල්ල සමෘද්ධි බැංකුවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කලේ සමෘද්ධි බැංකු පරිගණක ගත කිරීම සිදු කෙරෙන්නේ ලක්ෂ 17ක් වූ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ පහසුව සඳහා බවයි. පසුගිය රජය විසින් ස්වාභාවික මරණයක් ලබා දීමට සැලසුම් කර තිබූ සමෘද්ධි ව්‍යාපාරය මේ වනවිට වත්මන් ආණ්ඩුව ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි. සමෘද්ධි පවුල් ලක්ෂ 2ක් හඳුනාගෙන ඔවුන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක්ද මේ වනවිට ආරම්භ කර තිබේ.

සමෘද්ධි ව්‍යාපාරය හරහා ව්‍යවසායකයන්ට ණය සහන ලබා දීමේ වැඩසටහනක්ද දැන් ක්‍රියාත්මකයි. සෞභාග්‍යා නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිකිරීම ද මේ වනවිට ක්‍රියාත්මක කරන බවද ඇමතිවරයා සඳහන් කලේය.දිළිඳුකම පිටු දැකීමේ අරමුණින් ආරම්භ කල සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණට පටහැනිව යහපාලන ආණ්ඩුව කටයුතු කල බවත් , යහපාලන ආණ්ඩුව සමයේ නුසුදුසු පුද්ගලයන්ට සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කල බවත් ඔහු පෙන්වා දුන්නේය.


මෙම රැස්වීමට දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල යන මහත්වරුද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version