හෙට දින පාසල් ආශ්‍රිතව සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යෙදවීමේ වැඩපිළිවෙලක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වන හෙට (10) දින පාසල් ආශ්‍රිතව සහ අවට සිසුන්ගේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය සඳහා සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් යෙදවීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත්, එම නිසා කිසිඳු අනිසි ක්‍රියාවක් සිදු නොකර විභාගය අවසන් වූ වහාම සිය නිවෙස් වෙත ගමන් කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

වැඩිදුරටත් අදහස් දක්වන නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ පාසල් ආශ්‍රිතව නිරන්තර නිල ඇඳුමින් සැරසී පොලිස් ජංගම සේවයක් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම විභාගය අවසන් වන වේලාවන්හිදී පොලිස් නිලධාරීන් විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සිටින බවත්ය. තවද සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් විසින් කළහකාරී ලෙස හැසිරෙන සිසුන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය

Exit mobile version