රිය අනතුරකින් තරුණයෙක් මරුට

වැලිකන්ද සිංහපුර මාර්ගයේ 07 වැනි කිලෝමීටර් කනුව ආසන්නයේදී වැලිකන්ද දෙස සිට සිංහපුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හා පසුපැදිකරු වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 20ක් වූ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Exit mobile version