2017 වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 1270ක්

මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා 2017 වසර වෙනුවෙන් වෙන් කළ මුදලින් 97%ක් ම වැය කොට අදාළ ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දී ඇත.
2017 වසරේ දී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 1270කට ආසන්න මුදල් රජය වෙතින් ලබාදී තිබේ. එම අරමුදල් උපයෝගී කරගනිමින් විවිධ සංවර්ධන ව්‍යාපෘති 7709ක් ක්‍රියාත්මක කොට ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1235කට ආසන්න මුදලක් වැය වී තිබේ.
2017 වසරේ දී මධ්‍යම පළාත් සභාව වෙත වෙන් වූ මුදලින් පළාත් සභා අමාත්‍යංශය පහ හරහා රුපියල් මිලියන 1183කට ආසන්න මුදල් වෙන් කොට තිබුණු අතර එම මුදලින් මිලියන 1025කට ආසන්න මුදලක් විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදවා ඇත. එම මුදල් යොදවා අවසන් කොට ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 2694කි.
Exit mobile version