විමල් වීරවංශගේ ප්‍රකාශයකටද පරීක්ෂණ ආරම්භ කළ යුතු බවට බදියුදීන්ගෙන් ට්විටර් පණිවිඩයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළ ආකාරයටම තමන් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කර ඇති ප්‍රකාශය පිළිබඳව ද පරීක්ෂණ ආරම්භ කරනු ඇතැයි විශ්වාස කරන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අමාත්‍ය විමල් විරවංශ මහතා විසින් කරන ලද ද්වේශගත ප්‍රකාශයක් පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් ද කරනු ලැබිය.

මේ අතර අසාද් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය පිලිබදව පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත්කර තිබේ.

එම කණ්ඩායම සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විතවේ.

Exit mobile version