Home ව්‍යාපාරික පුවත් අප්‍රේල් 01වනදා සිට ක්‍රියාත්මකවන ලීසිං සහන යෝජනා ක්‍රමයක්

අප්‍රේල් 01වනදා සිට ක්‍රියාත්මකවන ලීසිං සහන යෝජනා ක්‍රමයක්

0
අප්‍රේල් 01වනදා සිට ක්‍රියාත්මකවන ලීසිං සහන යෝජනා ක්‍රමයක්

මෙරට කොරෝනා වෙෙරස ව්‍යාප්තිය හේතුවෙන් මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර සහ පුද්ගලයන් විසින් ලබාගත් ලීසිං පහසුකම් සඳහා එළඹෙන අප්‍රේල් 01වනදා සිට ක්‍රියාත්මකවන පරිදි මාස 6ක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒ පිළිබඳව බලපත්‍ර ලාභී වාණිජ බැංකු, බලපත්‍ර ලාභී විශේෂිත බැංකු, බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් වෙත දැනුම් දී තිබේ.

මෙම ණය සහන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලබන ව්‍යාපාර හා පුද්ගලයින් අතරට පොදු මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාල මගී ප්‍රවාහන සේවා, ත්‍රීරෝද රථ ඇතුළු කුළී රථ සේවා ආදී පුද්ගලික මගී ප්‍රවාහන සේවා සපයන්නන් සහ සංචාරක ක්ෂේත්‍රය සඳහා මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන් ඇතුළත් වේ.

අදාල නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version