අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ට ඉක්මවූ තරමක තද වැසි

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලටමි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවියහැක.

Exit mobile version