අප්‍රේල් මුල් සතියේදී තවත් කොවිඩ් එන්නත් තොගයක් දිවයිනට

අප්‍රේල් මස මුල් සතියේදී මීළග ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය මෙරටට ගෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය වැඩ්දුරටත් පැවසුවේ චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ප්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බවත් තොරතුරු ලැබුණු වහාම ඊට අනුමැතිය ලබාදීම පිළිබඳ සලකාබලන බවත්ය.

Exit mobile version