මියන්මාරයේ අතුරුදහන් වූ බී.බී.සී වාර්තාකරු නිදහස් කෙරේ

පසුගියදා අතුරුදහන් වූ බීබීසී මියන්මාර් සේවයේ මාධ්‍යවේදියා නිදහස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අවුං තූරා නම් එම බී.බී.සී වාර්තාකරු එරට නේපිටව් අගනුවර අධිකරණයක පිටත සිටිමින් වාර්තා ලබා දෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සැරසුනු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් ඔහුව රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබිය

පෙබරවාරි 01 වනදා මියන්මාර් රජය පෙරළා හමුදා පාලනය පිහිටුවීමෙන් අනතුරුව මේ දක්වා මාධ්‍යවේදීන් 40 දෙනෙකු පමණ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.







Exit mobile version