ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිලිබඳ සිදු කරන යෝජනාවට අදාළ විවාදයේ ඡන්ද විමසීම අද(23) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඊයේ දිනයේදී මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබුනද පෙළ ගැස්වීමේදී මතුවූ ගැටලුවක් මත එය අද දක්වා කල් දමනු ලැබිය.

අදාළ යෝජනාව ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කර අතර ඉන්දියාව මෙම යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාවට සහය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ සබඳතා අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version