මියන්මාරයේ පොලීස් වෙඩි පහරින් 7හැවිරිදි දැරියක් මරුට

මියන්මාරයේ පැවති විරෝධතාවන් අතරතුර එරට පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් වයස අවුරුදු 7ක දැරියක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව පසුගිය පෙබරවාරි 01 වැනිදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියගිය ළාබාලතම තැනැත්තිය වන්නේ 7 හැවිරිදි කින් මියෝ චිට් නම් මෙම දැරියයි.

ඇයගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ “ඇය තම පියා වෙත දිව යමින් සිටියදී” පොලීසිය වෙඩිතැබීම සිදුකළ බවය.

පෙබරවාරි 1 වැනිදා නායිකා අවුන් සාන් සුචි අත්අඩංගුවට ගෙන කුමන්ත්‍රණයක් මගින් හමුදා පාලකයින් මියන්මාර පාලන බලය සියතට ගැනීමත් සමග එරට වැසියෝ දහස් ගණනින් වීථි බැස විරෝධතාවේ නිරත වන්නට වූහ.

Exit mobile version