අල්ලස්ගත් වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්

ව්‍යපාරිකයෙකුට හෝටලයක් පවත්වාගෙනයාමට අවශ්‍ය උපකාරකිරීම සඳහා රුපියල් දසදහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය මහතා ඉදිරියේ කැඳවනු ලැබිය.

හෙට දින සැකකරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Exit mobile version