ඔළුවිල් වරායේ ඉදිරි කාර්යයන් විධිමත් කරලීමේ සැලසුම් සැකසීමට අන්තර් අමාත්‍යාංශ කමිටුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔළුවිල් වරායේ ඉදිරි කාර්යයන් විධිමත් කරලීමේ සැලසුම් සැකසීම සඳහා අන්තර් අමාත්‍යංශ කමිටුවක් පත් කිරීමට තීරණය කරයි.

පසුගිය පළාත් පාලන ඡන්ද සමයේ දුන් ප්‍රතිඥාවක් අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔළුවිල් වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට ඊයේ(04) සහභාගී වූ අවස්ථාවේදි එම තීරණයට එළැඹ තිබේ.

වාණිජ මට්ටමෙන් ලාභදායී ලෙස වරාය මෙහෙයුම් පවත්වාගෙන යෑම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණු අතර වරාය තුළ ගැඹුරු කළ යුතු ස්ථාන මෙන්ම වරාය අසබඩ සංචාරක නිකේතන සම්බන්ධයෙන්ද ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අගමැතිවරයා කරුණු නිරීක්‍ෂණය කළේය.

Exit mobile version