Home දේශීය පුවත් ‘මුල් ළමාවිය සංවර්ධනය හා ළමා අපයෝජනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

‘මුල් ළමාවිය සංවර්ධනය හා ළමා අපයෝජනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

0
‘මුල් ළමාවිය සංවර්ධනය හා ළමා අපයෝජනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

‘මුල් ළමාවිය සංවර්ධනය හා ළමා අපයෝජනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අදියර දෙකක් යටතේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ සහ 21 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී සෙනසුරාදා (03) දින පැවැත්විණි. එහිදි ‘දරුවෙකුගේ මොළය වර්ධනය, වර්තමාන සමාජ ප්‍රවනතාවයන්ගේ අශුභවාදී බලපෑම සහ සමාජ මාධ්‍ය’ යන ක්ෂේත්‍රයන් පිළිබඳව එම මූලස්ථාන යටතේ සේවයේ නියුතු භට පිරිස් මෙන්ම වන්නි ප්‍රදේශයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් ද දැනුවත් කරනු ලැබීය.

මෙහි පළමු වැඩසටහන වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ 2018 පෙබරවාරි මස 03 වන දින පැවැත් වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් මෙන්ම ප්‍රදේශයේ අනෙකුත් සිවිල් වැසියන් 1000 කට අධික පිරිසක් සහභාගි වූහ.

තවද, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පැවැති මෙවැනිම වූ වැඩසටහනක් සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, වන්නි ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරුන් සහ දෙමාපියන් 850 කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version