මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී පුද්ගලයෙකු මරුට

අද (08) උදෑසන කොහුවල සුනේත්‍රා දේවී පාර අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
කොහුවල සිට පැපිලියාන දෙසට ධාවනය වු මෝටර් රථයක්, පැපිලියාන දෙස සිට කොහුවල දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ත්‍රීරෝද රථ රියදුරු මිය ගොස් තිබේ.
Exit mobile version