ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ඊයේ (04) පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණි.

Exit mobile version