වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් සීමා ලිහිල් කෙරේ

ඔස්ට්‍රේලියාව කොවිඩ් වසංගතය හමුවේ බරපතල ලෙස පීඩාවට පත් වූ රටක්.

පසුගිය දිනවල ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් සීග්‍ර ලෙස ඉහළ යමින් තිබුණා.

මේ හේතුවෙන් වික්ටෝරියාවට දැඩි ලෙස කොවිඩ් සීමා පැනවීමටයි එරට රජය තීරණය කළේ.

ඊයේ රාත්‍රියේ සිට සම්පූර්ණයෙන් එන්නත් කළ පුද්ගලයින් සඳහා තවදුරටත් කොවිඩ් සීමා ලිහිල් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ අනුපාතය 90% වේ ප්‍රතිශතයට ලගා වීමට නියමිතයි.

මේ නිසා ප්‍රාන්තය පුරා පනවා තිබූ කොවිඩ් සීමා ඊයේ රාත්‍රියේ සිට ලිහිල් කරන බව අගමැති ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කර තිබෙනවා.

Exit mobile version