අනධ්‍යන සේවකයන්ගේ ගැටළුවට සාධනීය විසදුමක් හෙට දිනයේ දී

අනධ්‍යන සේවකයන්ගේ ගැටළුවට සාධනීය විසදුමක් හෙට දිනයේ (20) ලබාදීමට නියමිත බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විවිධ වෘත්තීය ක්‍රියාමර්ගවලට එළඹීම පෙබරවාරී 28 දින වැඩ වර්ජනයක් බවට පත්විය. ඒ නව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කබීර් හෂීම් මැතිතුමා වැඩ භාරගත් දිනයේය. ඇතිවී තිබුණු තත්වය සම්බන්ධයෙන් ගරු අමාත්‍යවරයා කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් නොකළේ, එම සිදුවීමට අදාලව නිසි අවධානයක් සහ අවබෝධයක් ලබාගත යුතු බැවිනි.

එ් අනුව ඒ සම්බන්ධයෙන් වන කරුණු හදාරන්නත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අදහස් හුවමාරුකර ගන්නටත් කටයුතු කළ අමාත්‍යවරයා විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව සමඟ ඊයේ (18) සවස සාකච්ඡාවකට එළඹියේ ය.

එම සාකච්ඡාවේදී එළඹි නිගමන අනුව අමාත්‍යවරයාගේ උපදෙස් මත උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට අනධ්‍යන සේවකයන්ගේ ගැටළුව සාධනීය විසදුමකක් හෙට දිනයේ (20) ලබාදීමට නියමිතය.

Exit mobile version