අද රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රී 12.00 න් පසු දුම්රිය වැඩවර්ජනයේ නිරත වන නිලධාරීන් කිසිවෙකුත් සේවයට වාර්තා නොකරන බවත් සවස සේවයට වාර්තා කරන නිලධාරීන් රාත්‍රී 12.00 න් පසු සේවයෙන් ඉවත්ව යන බවත් එම සංගමයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.

මෙම වැඩවර්ජන ක්‍රියාවලියට දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, නියාමකවරුන් සම්බන්ධ වන බවද පැය 48 ක වර්ජන කාලය තුළදී විසඳුම් නොලැබුණහොත් ඉන්පසුව වෘත්තීය සමිති රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවද ඔහු කියා සිටියේය.

සංගමයේ සම කැඳවුම්කරු තවදුරටත් සඳහන් කළේ වැටුප් විෂමතා විසඳීමට අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කළ යුතු සෑම කටයුත්තක්ම සිදුකර තිබෙන බවත් එහෙත් වැටුප් කොමිසම මේ සදහා නිසි ප්‍රතිචාර නොදක්වන බවය.

Exit mobile version