Home දේශීය පුවත් පාසල් සිසුවෙක් ට්‍රැක්ටරයකට යටවී මරුට

පාසල් සිසුවෙක් ට්‍රැක්ටරයකට යටවී මරුට

0
පාසල් සිසුවෙක් ට්‍රැක්ටරයකට යටවී මරුට

බඩ ඉරිඟු තොගයක් පටවාගෙන හේන් යායක් මැදින් ට්‍රැක්ටරයක් පදවාගෙන ආ 18 හැවිරිදි පාසල් සිසුවෙකු විසි වී ගොස් ට්‍රැක්ටරයටම යටවීමෙන් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

බදුල්ල – කන්දකැටිය මහයාය ගම්මානයේ පදිංචි සිසුවෙකු මෙසේ මිය ගොස් ඇත.

බඩ ඉරිගු තොගයක්ද පටවාගෙන හේන් යායක් හරහා වැටී තිබූ පල්ලම් සහිත මාර්ගයක් ඔස්සේ ට්‍රැක්ටරය පදවාගෙන එමින් සිටියදී එහි වේගය පාලනය කර ගත නොහැකි වූ මෙම සිසුවා ට්‍රැක්ටරය මාර්ගය අසල වූ වේල්ලක හප්පවා නතර කර ඇතත් ට්‍රැක්ටරයෙන් විසි වී ගිය සිසුවා එයටම යටවී මිය ගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version