අතුරුගිරියේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

අතුරුගිරිය ජෝතිපාල මාවතේ පිහිටි නිවසකට අද (26) අලුයම 3ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස වෙඩි ප්‍රහාර එල්ලවී ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකුගේ නිවසකට බව වාර්තා වෙයි.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට හානි සිදු නොවි ඇති අතර ඔහුගේ නිවසට හානි සිදුවී තිබේ.

Exit mobile version