වෑන් රියක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරක් – වෑන්රථ රියදුරා රෝහලේ

මස්කෙළියේ සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රියක් සහ නෝර්වුඩ් සිට මස්කෙළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරික් සිදුවිය.

අද (26) සිදු වු මෙම අනතුරින් වෑන් රථ රියදුරා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වෑන් රථය තුළ සිටි පාසල් දරුවන්ට හෝ බස් රියෙහි කිසිවකුටත් තුවාල සිදු වී නොමැති බව පොලීසිය පවසයි.

මස්කෙළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version