සංවර්ධන ව්‍යාපෘතියකට ලක්ෂ 10 බැගින් වියදම් කරලා ව්‍යාපෘති 55000 කට වැඩි ව්‍යෘපෘති ප්‍රමාණයක් සිදුකළා – අමාත්‍ය සාගල රත්නායක

අමාත්‍ය සාගල රත්නායක මහතා විමධ්‍යගත කරන ලද අයවැය වැඩසටහන සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන පිළිබද අද (26) පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ,

පසුගිය අවුරුදු දෙක තුළ අපි එක ව්‍යාපෘතියකට ලක්ෂ දහය බැගින් වියදම් කරලා ව්‍යාපෘති 55000 කට වැඩි ව්‍යෘපෘති ප්‍රමාණයක් සිදු කළා. ඒත් මහජනතාව ඒ ගැන දන්නේ නෑ. අනිත් කාරණය තමයි අපි මේ ව්‍යාපෘති ගැන කියලා බෝඩ් එකක්වත් ගැහුවේ නෑ.

ඒ නිසා අපේ ව්‍යාපෘති ගැන ගම් මට්ටමට ගෙනියන්න පුළුල් ප්‍රචාරක ව්‍යාපෘතියක අවශ්‍යතාව දැන් දැඩි ලෙස මතුවෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට රජයේ ප්‍රතිපත්තිය ගමට ගෙනියන්න නිසි ක්‍රමවේදයක් නොමැති වීම. මේවා කරන්න දැන් ප්‍රමාද වැඩියි. නමුත් අපි දැන් හෝ මේ ගැන හිතලා වැඩපටන් ගන්න ඕන.

මොකද අපි කරන ව්‍යාපෘතිවල වටිනාකම අපි ගන්න ඕන. ඒ වගේම ඒ ව්‍යාපෘතිවලට අවශ්‍ය වටිනාකම දෙන්නත් අපි කටයුතු කරන්න ඕන. මේක දැන් තරඟයක් වෙලා තියෙන්නේ. අපි ඒ තරඟයට ශක්තිමත්ව මුහුණ දෙන්න ඕන. යැයි අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version