බස් නැතුව දුක් විදින ජනතාව

මේ අතර පවතින ඉන්ධන හිඟය හමුවේ ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා මුදල් ගෙවා ඇති බවටයි වාර්තා වන්නේ. ඉන්ධන තිබුණත් නැතත් රට පුරා ම තවමත් දිගු ඉන්ධන පෝලිම්.

දින සති ගණන් පෝලිම්වල වටිනා කාලය නිකරුණේ ගෙවා දමන්න රටේ ජනතාවට අද සිද්ධ වෙලා.

ජනතාව දැන් මේ පීඩනය දරාගන්න බැරිව පෝලිම්වල ගහ මරාගන්න තැනට පත්වෙලා.

ඉන්ධන නැතත් අදත් ප්‍රදේශ කිහිපයකම දිග ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් ප්‍රවාහනය ඇණ හිටලා.

මේ නිසාම ජනතාවට දෛනික කටයුතු සිදු කරගන්න බැරි තත්වයක් උදා වෙලා.

බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගයේ බස් නැතිවීමත් සමඟ ජනතාවට බස් රථයේ වහලය උඩ ගමන් කිරීමටයි සිද්ධ වුණේ.

Exit mobile version