බලපත්‍ර නොමැතිව ඉන්ධන තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවේ

බලපත්‍ර නොමැතිව රුපියල් අට ලක්ෂ පනස්දාහකට අධික වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සමන්තුරය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අරන්තලාව කඳවුරේ දෙවන කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.එම්.ආර්. ආනන්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.07.06 වන දින කල්මුනේ පොලිස් වසමේ මානම් පාර, පන්සල අසල ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව භූමිතෙල් ලීටර් 2,160 ක් සන්තකයේ තබාගෙන සිටි යටිකන පාර, වේරදූව, මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්මුනේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Exit mobile version