ගාලුමුවදොර උණුසුම් වෙයි

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලයේ නිරතව සිටින ජනතාව සහ අට්ටාල ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

පිරිස පාලනය කිරීමේදී ආරක්ෂක අංශ සහ පිරිස අතර කලහකාරී තත්වයක්ද හටගෙන ඇත.

ඇතිවූ උණුසුම් තත්වයත් සමඟ පුද්ගලයින් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර පුද්ගලයින් දෙනෙනෙක් තුවාල ලබා ඇති බවත් ඔහුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

Exit mobile version