මලාලා යූසුෆ්සායි වසර 07කට පසු තම මව්බිමට

නොබෙල් ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි වසර 07කට පසු පළමු වතාවට තම මව්බිම වන පකිස්ථානයට ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඇය දින හතරක් පකිස්තානයේ රැඳී සිටින අතර පකිස්තාන අග්‍රාමාත්‍ය ෂහීඩ් අබ්බාසි සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

20 වියේ පසුවන, ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ඇය මේ වනවිට ජීවත්වන්නේ එංගලන්තයේ යි.

අැය 2012 වර්ෂයේදී ළමා අයිතිවාසිකම් සහ අධ්‍යාපනය වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට තලෙයිබාන් ත්‍රස්තයින්ගේ වෙඩි පහරටද ලක්විය.

Exit mobile version