පාස්කු ප්‍රහාරයට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති සහ බුද්ධි අංශ ප්‍රධානියාට මිලියන 75ක්, හිටපු ආරක්ෂක ලේකම්වරයාට මිලියන 50ක් සහ ජාතික බුද්ධි ප්‍රධානියාට රුපියල් මිලියන 10ක් සිය පෞද්ගලික මුදලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

Exit mobile version