කාලගුණයේ වෙනසක්

ඉදිරි දින වලදී දිවයිනේ නැගෙනහිර සහ ඌව පලාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර ඌව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා.

Exit mobile version