අභ්‍යවකාශ කසළ රැස් කරන ‘රිමූව්-ඩෙබ්‍රීස්’

අභ්‍යවකාශ කසළ රැස් කරන ‘රිමූව්-ඩෙබ්‍රීස්’ නම් පරීක්ෂණ උපකරණයක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

එය රැගෙන යන ලද්දේ කුඩා චන්ද්‍රිකාවකට සමාන යානයක් මගිනි. එය කසළ හඳුනා ගැනීමේ සහ රැස්කිරීමේ තාක්ෂණය අභ්‍යවකාශයෙහි අත්හදා බලනු ඇත.

‘රිමූව්-ඩෙබ්‍රීස්’ පද්ධතිය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ගන්නා අතර එළඹෙන මැයි මාසයේදී එහි පරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අභ්‍යවකාශගාමීන් කටයුතු කරනු ඇත.

Exit mobile version