රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා පැවැත්වෙන තරඟ විභාගය ඩිජිටල් ක්‍රමයට

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා පැවැත්වෙන තරඟ විභාගය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට සුදානම් කර ඇති අතර, ලබන මැයි මස සිට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

විභාග අක්‍රමිකතා වැළැක්වීම සහ කඩිනමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ අරමුණින් හඳුන්වා දෙන මෙම නව වැඩපිළිවෙළ යටතේ අයදුම්කරුවන් 150කට පමණ එකවර විභාගයට පෙනී සිටිය හැකිය.

Exit mobile version