සිරියාවේ ගෝඨා ප්‍රදේශයට එල්ල වූ විෂ වායූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිනවා – අමෙරිකා ජනපති

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, සිරියාවේ ගෝඨා ප්‍රදේශයට එල්ල වූ විෂ වායූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද අද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළේ, සිරියාවට එල්ල වූ විෂ වායු ප්‍රහාරයේ වගකීම රුසියාව සහ සිරියාව භාරගත යුතු බවය.

මෙම විෂ රසායන ප්‍රහාරයෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 150ක් පමණ වන බව විදෙස් වාර්තාවල සඳහන් ය.

Exit mobile version