පාසල් සිසුන්ට 30% ක මිල අඩුකිරීමක් යටතේ අභ්‍යාස පොත් ලබාදීමට සැලසුම්

පාසල් සිසුන් සඳහා 30% ක මිල අඩුකිරීමක් යටතේ අභ්‍යාස පොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඉදිරියේදී සතොස වෙළඳසැල් හරහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණය කරන අභ්‍යාස පොත් පාසල් සිසුන්ට මිලදී ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ එම පොත් සතොස වෙළඳසැල්වලට බෙදාහැරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version