විදුලි බිලට හා බදු බරට එරෙහිව ප්‍රදේශ රැසක විරෝධතා

ඉහළ දැමූ විදුලි බිලට හා බදු බරට එරෙහිව මේ වන විට ජනතාව වීදි බසිමින් විරෝධතාවයේ නිරත වනවා.

ඒ අනුව විදුලි බිලට හා බදු බරට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වුණා.

නිසි විසඳුම් ලැබුණේ නැත්නම් පහළොස්වනදා සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.

මේ අතර විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දිවයින ප්‍රදේශ රැසකම විරෝධතා සංවිධානය කර තිබුණා.

Exit mobile version