Home විදෙස් පුවත් විනාශ වූ යුක්‍රේන ප්‍රතිසංස්කරණයට ඩොලර් බිලියන 411 අවශ්‍යයි

විනාශ වූ යුක්‍රේන ප්‍රතිසංස්කරණයට ඩොලර් බිලියන 411 අවශ්‍යයි

0
විනාශ වූ යුක්‍රේන ප්‍රතිසංස්කරණයට ඩොලර් බිලියන 411 අවශ්‍යයි

යුක්‍රේන – රුසියා යුධ ගැටුමට අදට දින 393 යි.

රුසියාව එල්ල කළ කෲස් මිසයිල 2ක් බිම හෙලූ බව යුක්‍රේනය පවසනවා.

එම සිද්ධියෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර විනාශ වූ යුක්‍රේනයේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඩොලර් බිලියන 411 ක් අවශ්‍යවනු ඇති බවට හෙළි වී තිබෙනවා.

එසේම ඒ සඳහා වසර 10 ක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් යුද්ධය පවතිනතාක් අවශ්‍යතා ඉහළ යන බැවින් මෙම පිරිවැය තවත් ඉහළ යා හැකි බව ද වාර්තා වනවා.

මේ අතර සිලෝවැකියාව, යුක්‍රේනයට ප්‍රහාරක ජෙට් යානා 04 ක් ලබා දී තිබෙනවා.

ෆිල්න්තයද යුක්‍රේනය වෙනුවෙන් යුරෝ මිලියන 161 ක ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට ලෙපර්ඩ් 2 වර්ගයේ යුධ ටැංකි දෙකක් ද ඇතුළත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version