ඉෂාන් බණ්ඩාර අවසන් පූර්ව තරඟයට

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් හිමිවීමට නියමිතය.

ඒ පිරිමි කිලෝ ග්‍රෑම් 52 බර පංතියෙන් තරඟ කළ ඉෂාන් බණ්ඩාර අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීම හේතුවෙනි.

අවසන් පූර්ව තරඟයේදී ඔහු ජයගත හොත් රන් හෝ රිදී පදක්කම හිමිකර ගැනීමට හැකිවන අතර පරාජයට පත්වුවහොත් ලෝකඩ පදක්කම හිමිවෙයි.

අවසන් පූර්ව තරඟය අනිද්දා (13දා) ඉන්දියාවේ ගෞරව් සෝලාංකි හා පැවැත්වීමට නියමිතය.

Exit mobile version