Home දේශීය පුවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී වළ දැමූ රත්‍රං තොගයක් සොයා කිලිනොච්චියේ කැණීමක් ආරම්භ කරයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී වළ දැමූ රත්‍රං තොගයක් සොයා කිලිනොච්චියේ කැණීමක් ආරම්භ කරයි

0
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී වළ දැමූ රත්‍රං තොගයක් සොයා කිලිනොච්චියේ කැණීමක් ආරම්භ කරයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී වළ දැමූ බවට සැක කෙරෙන රත්‍රං තොගයක් සොයා කිලිනොච්චිය අරවියල් ප්‍රදේශයේ පිහිටි කැලෑවක ඊයේ (11දා) සවස කැණීමක් ආරම්භ කළ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියෝගයකට මෙම කැණීම සිදු කරනු ලැබීය.

පැය තුනකට අධික කාලයක් පස් කපන යන්ත්‍ර ආධාරයෙන් මෙම කැණීම සිදු කළද කිසිවක් හමු නොවීමෙන් කැණීම් කටයුතු නවතා දැමීමට පියවර ගන්නා ලදී.

මේ අතර අද (12දා) දිනයේදී එම ස්ථානයේදීම තවත් කැණීමක් සිදු කිරීමට නියමිත බවද කිලිනොච්චිය පොලීසිය  පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version