රුපියල් 1000 ව්‍යාජ මුදල් නොට්ටු 45 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

රුපියල් 1000 ව්‍යාජ මුදල් නොට්ටු 45 ක් යාපනය සිට රැගෙන ආ යාපනය පොලිස් විශේෂ කාර්ය බළකායේ සිවිල් කම්කරුවකු වවුනියාව බස්නැවතුම්පොලේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පවසයි.

සැකකරු කොහොලාන අලව්ව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු වේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ගමන් මල්ලෙහි සූක්ෂම ලෙස සඟවා තිබූ ව්‍යාජ මුදල් නොට්ටු තොගය සොයාගෙන ඇති අතර හමුවූ මුදල් නොට්ටුවල 155/735093 ලෙස එකම අංකය සඳහන් වී ඇත.

Exit mobile version