ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ පොල්අතුමෝදර මං සන්ධියේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇයගේ සැමියා සහ දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය, වෑන් රථයක ගැටීමෙන් ඊයේ (16) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරට ලක්වී ඇත්තේ හබරාදූව ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

Exit mobile version