වසර 35කට පසුව පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමට තීරණයක්

වසර 35කට පසුව රුපියල් කෝටි 100ක වියදමකින් පාර්ලිමේන්තුව පුළුල් අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා පැවසුවේ ඒ සඳහා වැයවන මුදල් ඉල්ලා කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවයි.

පාර්ලිමේන්තු වහල, දොරවල්, වැසිකිළි, කැසිකිළි, පාර්ලිමේන්තු සභා ගර්භයේ බුමු තුරුණු, මන්ත්‍රීවරුන්ගේ අසුන්වල යම් යම් උපාංගද මේ හරහා අලුත්වැඩියා කිරීමට නියමිතව ඇත.

Exit mobile version