ජනපති පොදුරද මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසඛෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) බකිංහැම් මාලිගාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වූණු අතර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

එහිදී බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවාය.

Exit mobile version